අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන ටෙලිහෙල්ත් සේවා සඳහා නව රෙගුලාසී කිහිපයක් හදුන්වා දීමට ඔස්ට්‍රේලියානු වෛද්‍ය මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ආරක්ෂිත හා ඵලදායී සෞඛ්‍ය සේවාවක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනතාවට ලබාදීම එහි අරමුණයි.
කාර්යබහුල පුද්ගලයින්ට ඉතා පහසුවෙන් වෛද්‍යවරයා හමුවීමට ලැබීමත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමටත් ටෙලි හෙල්ත් සේවාව මගින් හැකියාව ලැබෙනවා.
රෝගයට අදාළ බෙහෙත් වට්ටෝරු මෙන්ම වෛද්‍ය සහතික ද කඩිනමින් රෝගීන් වෙත ලබා ගැනීමට හැකිවීමද එහි ඇති විශේෂත්වයක්.
අන්තර්ජාලය ඔස්සේ මෙවැනි සේවා රැසක් සිදුවන නමුත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබද සොයා බැලීම වැදගත් බවයි රජයේ වෛද්‍ය මණ්ඩලය පෙන්වා දෙන්නේ.
ඇතැම් ඩිජිටල් සෞඛ්‍ය සේවා මගින් සිදුවන වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ ගැටලූ පිලිබදව ද එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
ජනතාවට දැරිය හැකි මිළ ගණන් යටතේ ඩිජිටල් සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ නව නීති ද ඊට අන්තර්ගත කිරීමට නියමිතයි.