පුරස්ථිත පිළිකා වැළඳෙන ඔස්ට්‍රේලියානු පිරිමින්ගේ වැඩිවීමක්

පුරස්ථිත පිළිකා වැළඳීම හේතුවෙන් දිනකට ඔස්ට්‍රේලියාවෙන් පුද්ගලයින් 10 කට ආසන්න පිරිසක් මරණයට පත්වන බව නවතම වාර්තාවකින් හෙළිව තිබෙනවා.

පසුගිය වසර 20 ක කාලය තුළ මෙලෙස මිය යන ප්‍රමාණය සියයට 25 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගෙවි ගිය වසර තුළ පුරස්ථිත පිළිකා රෝගීන් 25,487 ක් පමණ හදුනාගෙන ඇති අතර එම ප්‍රමාණය පෙර වසරට වඩා සියයට 05 ක ඉහළයාමක්.

පිළිකා වැළඳීම හමුවේ මිය ගිය ගණන 2021 වසරේදී 3507 ක් ලෙස පැවති නමුත් පසුගිය වසරේදී එය 3743 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

දිනකට ඔස්ටේ‍රලියානු පිරිමි පුද්ගලයින් 70 කට ආසන්න පිරිසක් නව පුරස්ථිත පිළිකා රෝගීන් ලෙස හදුනා ගැනෙන බවයි සෞඛ්‍ය අංශ කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු පිරිමින් අතර බහුලව හදුනාගැනෙන පිළිකා විශේෂයක් වන පුරස්ථිත පිළිකා රෝග කල්තියා හදුනා ගැනීමට අදාළ දැනුවත් කිරීම් පුලූල් කරන ලෙස සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රාත්‍රී කාලයේ නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම සහ මුත්‍රා හෝ ශුක්‍ර තරලය සමග ලේ පිටවීම පුරස්ථිත පිළිකාවේ මූලික ලක්ෂණ ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »