Search

ගැබිණි සමයේදී මත්පැන් එපා – ඔස්ට්‍රේලියානුවන්ගෙන් 91% ක් කියයි

ගර්භනී සමය තුල ගැබිණි මව්වරුන් මත්පැන් පානය නොකල යුතු බවට ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 91 ක් අදහස් පළ කර තිබෙනවා.

අවුරුදු 18 ත් 44 ත් අතර පසුවන කාන්තාවන් අතුරින් සියයට 94 ක් එම ස්ථාවරයෙහි පසුවන බවයි මෑතකදී සිදුකර ඇති සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ.

2019 වසරේ මෙම අගය සියයට 76 ක් වූ අතර 2022 වසරේ එම අගය සටහන්ව තිබුණේ සියයට 82 ක් ලෙසයි.

සමීක්ෂණයට එක් වූ ගර්භණී කාන්තාවන් අතුරින් සියයට 51 ක් පවසා ඇත්තේ තමන් මත්පැන් පානය නතර කරන බවයි.

ඇල්කොහොල් නොමැති පාන වෙත යොමුවන බවට සියයට 41 ක් පවසා තිබෙනවා.

ගර්භනී සමය තුල කාන්තාවන් මත්පැන් සදහා යොමුවන්නේ නම් වැඩෙන දරුවාගේ මොළය ඇතුළු ස්නායු පද්ධතියට සහ පෝෂණයට ද බලපෑම් එල්ල වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.

සෞඛ්‍ය සංවිධාන මව්වරුන්ගෙන් ඉල්ලා සිටියේ ළදරුවෙකු අපේක්ෂා කරන දින සිට ගර්භනී සමය තුල සහ ප්‍රසූතියෙන් පසු මව්කිරි දෙන අතරතුර මත්පැන් වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසටයි.

බොහෝ ගර්භනී මව්වරුන් මේ සම්බන්ධව නොදැනුවත්කම හේතුවෙන් කළල වලට බලපෑම් ඇතිවන බවයි වෛද්‍යවරුන් අවධානය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »