Search

ඔස්ට්‍රේලියාව තුළ නිවසක් දැරීමට පහසු සහ අපහසුම ප්‍රාන්ත මෙන්න

ඔස්ට්‍රේලියානුවන්ට තමන්ටම නිවසක් දැරීමේ හැකියාව පසුගිය දශක තුනට සාපේක්ෂව මේ වන විට පහළ අගයක් ගන්නා බව නවතම වාර්තාවකින් සොයාගෙන තිබෙනවා.

වසංගත තත්වය හමුවේ නිවාස මිල ගණන් ඉහළ යෑමත් උකස් පොලී අනුපාතික දැරිය නොහැකි වීමත් මේ තත්වයට හේතු වු බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මධ්‍යම පාන්තික ආදායමක් උපයන පවුල් සදහා නිවසක් දැරීමේ හැකියාව මේ වනවිට සියයට 13 ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

මෙය 1995 වසරෙන් පසු සටහන්වී ඇති පහළම අගය වීමද විශේෂත්වයක්.

වාර්ෂිකව ඩොලර් ලක්ෂ 02 ක පමණ ඉහළ ආදායමක් උපයන පවුල් සඳහා ද නිවාස මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇති බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

පසුගිය දශක තුන පුරා නිවාස දැරීමේ හැකියාව අවම ප්‍රාන්තය ලෙස නම්කර තිබූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවදුරටත් එම ස්ථානයේම පසුවනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේද එම තත්වය පහළ ගොස් ඇති අතර මෙතෙක් නිවාස දැරීමට පහසුම ප්‍රාන්තය ලෙස නම් දරා සිටි ටස්මේනියා ප්‍රාන්තයේ නිවාස දැරීමේ හැකියාව ද කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »