පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව හෙට දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යයේ ‘ද ටයිම්ස්’ පුවත්පත සඳහන් කර ඇත්තේ මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ පැවති බව පැවසෙන හමුවක් පිළිබඳ සඳහන් කරමින් මෙම වැඩසටහන සකසා ඇති බවයි.

බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව ප්‍රසිද්ධියට පත්වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව හැඟවෙන මතභේදාත්මක වීඩියෝ පට කිහිපයක් විකාශය කිරීමත් සමඟය.

යුද්ධය නිමාකළ පසුව ඔවුන් නිර්මාණය කළ ”ශ්‍රී ලංකාස් කිලින් ෆීල්ඩ්ස්”  නම් මතභේදකාරී වීඩියෝපටයේ ඇතුළත් කරුණු එවක රජය විසින් අවස්ථා ගණනාවකදී නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එහෙත් දිගින් දිගටම “චැනල් ෆෝ” නාළිකාව, ශ්‍රී ලංකාවෙන් පළාගොස් විදෙස් රටවල දේශපාලන රැකවරණ පතන පුද්ගලයන් උපුටා දක්වමින් එවැනි චෝදනා රැගත් වීඩියෝ පට විකාශය කළේය.

යළිත් වරක් බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව කරළියට පිවිසනේනේ හෙට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් මතභේදකාරී වීඩියෝපටයක් විකාශය කරන බව නිවේදනය කිරීමත් සමඟ ය.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කලක් කටයුතු කළ, මේ වන විට දිවයිනෙන් පළාගොස් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙක් අදාළ තොරතුරු ලබා දුන් බව එහි සඳහන් ය.

(ADA DERANA)

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »