
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල බිම්මල් ආශ්‍රිත නිශ්පාදන අලෙවිය සියයට 10 කින් පහතවැටී තිබෙනවා.
බිම්මල් විශේෂයක් අනුභව කිරීමේන් ඇතිවු ආසාත්මිකතාවක් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ 03 දෙනෙකු මියයාමත් සමග පාරිභෝගිකයින් එම නිශ්පාදන මිලදි ගැනීමෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දිවා භෝජන සංග්‍රහයක් සඳහා සුපිරි වෙළඳසැලකින් සහ මෙල්බන් හි ආසියානු වෙළඳසැලකින් මිලදි ගත් හතු නිශ්පාදන භාවිතයෙන් පිළියෙල කල ආහාරයක් අනුභවයෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් මෙම මරණවලට හේතුවී තිබුණා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ විශාලතම කාබනික බිම්මල් ගොවිපලක් වන බුලා පාර්ක් සමාගම මෙම චෝදනා ප්‍රතික්ශේප කර තිබෙනවා.
මිනිස් පරිභෝජනය සඳහා අනුමත කර ඇති බිම්මල් විශේෂ පමණක් අලෙවිය සඳහා යොමු කරන බවයි එහි පාලනාධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පරිභෝජනය සදහා නුසුදුසු ඩෙත් කැප් නැමති බිම්මල් විශේෂ අනුභව කරන පුද්ගලයින් 10 න් 9 ක් ම මියයන අතර එවැනි විශේෂ තම ගොවිපල තුල වගා නොකරන බවද බුලා පාර්ක් සමාගම වැඩිදුරටත් පවසනවා.