නිවාස කුළී අඩු කරන්න Student Visa සීමා කරන්නැයි යෝජනාවක්

ජාත්‍යන්තර සිසුන් සඳහා ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා නිකුත් කිරීම සීමා නොකිරීම හමුවේ වසරකදී නිවාස කුළී ඩොලර් 1,000 කට පමණ ඉහළ ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා.

පසුගිය මාස 12 දී නිවාස කුළියේ ඉහළයාම සියයට 4.4 ක් වන අතර සතියකට ඩොලර් 24 කින් පමණ එහිදී කුළී වැඩිවී ඇති බවයි පැවසෙන්නේ.

කොවිඩ් වසංගතය හමුවේ වසා දමා තිබූ දේශ සීමා යළි විවෘත කිරීමත් සමග ජාත්‍යන්තර සිසුන්ට අසීමිත ලෙස මෙරටට පැමිණීමට අවස්ථාව සළසා දුන් බවටයි මෙම වාර්තාවෙන් ෆෙඩරල් රජයට චෝදනා එල්ල කරන්නේ.

ඒ අනුව නිවාස කුළී ඉහළ යාමට සියයට 80 කට පමණ වගකිව යුකු වන්නේ රජයේ එම අදූරදර්ශී තීරණය බවටද මෙම වාර්තාවෙන් දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

මෙතරම් සිසුන් සංඛ්‍යාවක් නොපැමිණියේ නම් නිවාස කුළී ඉහළයාමට ඉඩ තිබුණේ සියයට 0.88 ක් වැනි ඉතා අඩු අගයකින් බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඇතැම් විශ්ව විද්‍යාල විසින් ජාත්‍යන්තර සිසුන්ට අඩු මිළ නවාතැන් පහසුකම් සැළසුවද අති බහුතරයක් බාහිර නවාතැන් සඳහා යොමුවීම ඊට ප්‍රධාන හේතුවයි.

විදෙස් සිසුන් මගින් ෆෙඩරල් රජය ඩොලර් බිලියන 40 ක ආදායමක් වසරකට උපයනු ලැබුවද නිකුත් කරන ශිෂ්‍ය වීසා සංඛ්‍යාව සීමා කල යුතු බවටයි මෙම වාර්තාව යෝජනා කර සිටින්නේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »