
ඔස්ට්‍රේලියාවට අමතර ගුවන් වාර සිදුකිරීම සඳහා කටාර් ගුවන් සේවය විසින් සිදුකල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ෆෙඩරල් රජයට විමර්ශනයක් පැවැත්වීමට සිදුවන ළකුණු පළවී තිබෙනවා.
ෆෙඩරල් විපක්ෂය – සංචාරක සහ ගුවන් නියෝජිත ආයතන රැසක් අදාළ තීරණය සම්බන්ධයෙන් මේ වනවිටත් දැඩි අප්‍රසාදයකුයි පළකර ඇත්තේ.
එමෙන්ම ලේබර් පක්ෂ රජයේ ඉහළම ක්‍රියාකාරීන් පවා රජයේ තීරණයට සිය නොසතුට පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සතියේ පාර්ලිමේන්තුවේදීත් විපක්ෂය විසින් මේ පිළිබඳව අගමැති ඇල්බනීස්ගෙන් ප්‍රශ්න කරනු ඇති බවද සඳහන්.
සිඩ්නි – බ්‍රිස්බන් සහ මෙල්බන් දක්වා සතියකට දැනට සිදුකරන ගුවන් වාර සංඛ්‍යාවට වඩා අමතර වාර 21 ක් සිදුකිරීම සඳහායි කටාර් ගුවන් සේවය විසින් ඉල්ලීමක් කර තිබුණේ.

එහෙත් ක්වන්ටාස් ගුවන් සේවයේ දැඩි බලපෑම මත ෆෙඩරල් රජය විසින් එම ඉල්ලීම ඉවත දමා ඇති බවයි පසුගිය සතියේදී පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ අනාවරණය වුයේ.
මෙම ඉල්ලීමට අවසර දෙන්නේ නම් ගුවන් ගාස්තු සියයට 40 කින් පමණ අඩු කර ගැනීමටද අවස්ථාව හිමිවන බවයි බොහෝ පිරිසකගේ ස්ථාවරය වන්නේ.