Search

NSW ව්‍යාපාර අතුරින් 1/4 ක් සේවක කප්පාදුවකට සැරසෙයි

නිවු සවුත් වේල්ස් හි ව්‍යාපාර අතුරින් 1/4 ක් පමණ ඉදිරි මාස 03 තුළදී සේවක කප්පාදුවකට සුදානම් වන බවට නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

Business NSW විසින් සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සිදුකල අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ ව්‍යාපාර අතුරින් සියයට 62 ක් කිසිදු සේවකයෙකු ඉවත් නොකිරීමට තීරණය කර ඇති බවයි.

සියයට 15 ක් පමණ අතිරේක සේවකයන් බඳවා ගැනීමටද සැළසුම් කරමින් ඇති බවයි තවදුරටත් හෙළිවී ඇත්තේ.

සුලු – මධ්‍ය සහ මහා පරිමාණ යන අංශ 03 ම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදු කෙරුණු බවද Business NSW නිකුත් කර ඇති දත්තවල සඳහන්.

නිවු සවුත් වේල්ස් හි සෑම ප්‍රදේශයකම පාහේ විරැකියා අනුපාතය ගතවූ මාස 12 දී ඉහළ ගොස් ඇති බවද එහි දැක්වෙනවා.

සිල්ලර වෙළඳ – ඉදි කිරීම් සහ නිෂ්පාදන යන අංශ, බලපෑම අඩුම ක්ෂේත්‍ර ලෙසටයි Business NSW විසින් හඳුනාගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »