ඔස්ට්‍රේලියානු යෞවන යෞවනියන් අන්තර්ජාල අපචාර සඳහා යොදාගැනීම ඉහළට

අන්තර්ජාලය හරහා ඔස්ට්‍රේලියානු යෞවන යෞවනියන් විවිධ අපචාර සඳහා යොදාගැනීමේ සිදුවීම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ලිංගික අපහරණ සඳහා භාවිත කිරීම්වල සීඝ්‍ර වර්ධනයක්ද එහිදී පෙන්නුම් කෙරෙන බවයි වෙස්ට්පැක් බැංකුව නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.

අවුරුදු 18 ට අඩු පිරිස වංචාවලට ගොදුරුවීම පෙර වසරට වඩා 04 ගුණයකින්ද – අවුරුදු 30 ට වඩා අඩු අය එලෙස ගොදුරුවීම් දෙගුණයකින්ද වැඩිවී ඇති බවටයි අනාවරණය වන්නේ.

සමාජ ජාල හරහා හඳුනාගන්නා ඇතැමුන් තර්ජනය කර මුදල් ලබාගැනීමට තැත් කිරීම් මෙහිදී බහුලවම දක්නට ඇති කරුණක් බව සඳහන්.

නාඳුනන පිරිස් සමග ගණුදෙනු කිරීමේදී අවධානයෙන් පසුවන ලෙසටයි ඔස්ට්‍රේලියානු යෞවන යෞවනියන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »