ඔස්ට්‍රේලියා උසස් අධ්‍යාපන සිසුන් ඉලක්ක කල සොරකම් කල වාහන අලෙවි ජාවාරමක්

ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක සොරකම් කරන ලද වාහන අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

විශේෂයෙන් දකුණු ආසියානු රටවලින් පැමිණි සිසුන් මෙහිදී ගොදුරු බවට පත්වන බවටයි හෙළිකරගෙන ඇත්තේ.

සොරකම් කරන ලද වාහන පිළිබඳ දැන්වීම් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන අතර ඩොලර් 6,000 ක් වැනි මුදලකට ඝණයේ මෝටර් රථ අලෙවි කිරීමට උත්සාහ කිරීමයි මෙහිදී සිදුවන්නේ.

මෝටර් රථයක් මිළදී ගැනීමට පෙර එහි සැබෑ හිමිකරුවන් පිළිබඳ හොඳින් විමසා බලන ලෙස ෆෙඩරල් පොලිසිය සංක්‍රමණිකයන්ට විශේෂ දැනුම්දීමක් සිදුකරනවා.

එහිදී PPRS වාර්තාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »