ඔස්ට්‍රේලියාවේදී අඩුවෙන් පඩි ගෙව්වොත් වසර 10 කට හිරේ – නව නීති අද පාර්ලිමේන්තුවට

සිතාමතා දැනුවත්ව සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවන සේවායෝජකයන්ට සිර දඩුවම් හිමිවන නව නීති සංශෝධන අද ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

සේවා ස්ථාන සබඳතා ඇමති ටෝනි බර්ක් සඳහන් කලේ ඉහළ දඩ මුදල් නියමවන සංශෝධනද මීට ඇතුළත් වන බවයි.

10 වසරක උපරිම සිර දඩුවම් සහ ඩොලර් මිලියන 7.8 ක් දක්වා වන දඩ මුදල් මෙම නව නීති සඳහා ඇතුළත්.

නියමිත වැටුප් ගෙවීමෙන් වැළකී සිටීමට ඇතැම් සේවා ස්ථාන හිමිකරුවන් යොදාගන්නා ඇතැම් නීතිමය හිස්තැන් රැසක් මෙහිදී ආවරණය වන බවද අමාත්‍යවරයා සඳහන් කලා.

කෙසේවෙතත් මෙම නීති සංශෝධන මගින් ඇතැම් සේවා ස්ථාන වසා දැමීමට පවා සිදුවනු ඇති බවටයි සේවා යෝජකයන් මෙන්ම ෆෙඩරල් විපක්ෂයද චෝදනා කරන්නේ.

ලේබර් පක්ෂ රජය සේවක අයිතිවාසිකම් පිළිබඳ පමණක් කටයුතු කිරීමෙන් සේවා යෝජකයන් දැඩි අපහසුතාවයට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »