වික්ටෝරියා ප්‍රාන්ත රජය යටතේ පවතින විවිධ මණ්ඩලවල වැටුප් ලබන තනතුරු සංඛ්‍යාව ඉහළ දැමීමට ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළව පවතින රෙගුලාසි නිසි පරිදි අනුගමනය නොවන බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් ස්වදේශික ජනතාව – ආබාධිත ප්‍රජාව ඇතුලු විවිධත්වයෙන් යුත් පාර්ශව සඳහා නිසි අවස්ථා නොලැබෙන බව ඩැනියල් ඇන්ඩෲස් ගේ ස්ථාවරය වී තිබෙනවා.
දැනට වික්ටෝරියා හි විවිධ මණ්ඩලවල තනතුරු 31,289 ක් පැවතියද ඉන් වැටුප් ලබනුයේ සියයට 20 කටත් අඩු පිරිසක් බවටයි තහවුරු වී ඇත්තේ.
ඒ අනුව පළමු අධියරේදී ස්වෙච්ඡා සේවකයන් පිරිසක් වැටුප් ලබන තනතුරුවල අනුයක්ත කිරීම සිදුවනු ඇති.