ඔස්ට්‍රේලියාවේ හිම කලාප රැසක් අද සිට වසා දමයි

ඔස්ට්‍රේලියාවේ හිම කලාප රැසක් අද සිට වසා දැමීමට නියමිතයි.

සාමාන්‍යයෙන් ජූලි පළමු සතියේ විවෘත කරන හිම කලාප වසා දැමීම සිදුවන්නේ ඔක්තෝබර් පළමු සති අන්තයේදීයි.

එහෙත් ඉතිහාසයේ උෂ්ණාධිකම ශීත සෘතුව මෙවර වාර්තාවීමත් සමග නියමිත කාලයට පෙර හිම කලාප වසා දැමීමටයි තීරණය වී ඇත්තේ.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ඇතුලු ප්‍රාන්ත කිහිපයකම හිම කලාපවලින් මෙවර සැළකිය යුතු හිමපතනයන් සටහන් වී තිබුණේ නැහැ.

කෙසේවෙතත් වික්ටෝරියා හි මවුන්ට් බුලර් – හොතම් සහ ෆෝල්ස් ක්‍රීක් යන හිම කලාප තවදුරටත් විවෘතව පවතිනු ඇති.

 

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »