විදුලිය ගාස්තු ඉහළ යාමෙන් වැඩිම පීඩාව දකුණු ඔස්ට්‍රේලියානුවන්ට

බලශක්ති ගාස්තු ඉහළ යාමෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියානුවන් බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ගේ වාර්ෂික විදුලිය පිරිවැය සියයට 22 ත් 63 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි නවතම සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ.

මෑතකාලීන ගාස්තු වැඩිවීමෙන් පසු ඇතැමුන් සඳහා වසරකට ඩොලර් 800 කින් පමණ විදුලිය ගාස්තු වැඩිවී ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලිය මිල ගණන් සියයට 22 සිට සියයට 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එය සියයට 15 ත් සියයට 36 ත් අතර වන අතර බවත් ක්වීන්ස්ලන්ඩ් හි සියයට 08 ත් 41 ත් අතර වන බවත් සඳහන්.

ශීත සෘතුවේ මාසවලදී තමන්ගේ විදුලි පරිභෝජනය අඩු කිරීමට සැලසුම් කළ බව සමීක්ෂණයට ලක් කරන ලද පුද්ගලයින් 1,090 න් සියයට 80 ක් පමණ පවසා තිබුණා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »