Search

ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශ කිහිපයකට හෙට සිට ගිනි අනතුරු ඇගවීම්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට හෙට සිට බලාත්මක වන පරිදි ගිනි අනතුරු ඇගවීම් (fire warning) නිකුත් කර තිබෙනවා.

වසර 03 කට පසු වසන්ත සමයකදී (spring) ගිනි අනතුරු ඇගවීම් නිකුත් කරනු ලැබු පළමු අවස්ථාව මෙයයි.

පවතින වාතාවරණය අනුව ලැව් ගින්නක් පැතිරයාම ආරම්භ වුවහොත් එය පාලනය ඉතා අසීරු වනු ඇති බවයි ක්වීන්ස්ලන්ඩ් ආපදා සහන අංශ පෙන්වා දෙන්නේ.

එබැවින් නිරතුරුව අනතුරු ඇගවීම් නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

ලැව් ගිනි අවධානම් සහිත කලාප ලෙසට නම් කර ඇති ප්‍රදේශවලින් වහා ඉවත් වන්නැයිද දැනුම්දීමක් සිදු කෙරෙනවා.

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »