Search

ඔස්ට්‍රේලියාවේ ශීතල අධිකම රාත්‍රිය NSW හි Glen Innes ප්‍රදේශයෙන්

ඔස්ට්‍රේලියාවේ ශීතල අධිකම රාත්‍රිය වාර්තා වී ඇත්තේ උතුරු නිව් සවුත් වේල්ස් හි Glen Innes ප්‍රදේශයෙන් බවට වාර්තා වී තිබෙනවා.

පසුගිය ජුලි මස 20 වන දින එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 14.6 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

මීට පෙර මෙම වාර්තාගත ශීතල අධිකම රාත්‍රිය වාර්තා වී ඇත්තේ 2020 වසරේ ටස්මේනියා ප්‍රාන්තයේ Liawenee ප්‍රදේශයෙන්.

ඒ සෙල්සියස් අංශ සෘණ 14.2 ක අගයක්.

Glen Innes ප්‍රදේශයේ 60,000 කට අධික ජනතාවක් වාසය කරනු ලබනවා.

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල කඳුකර ප්‍රදේශවලින් පසුගිය ජුලි මස 20 වන දින සාමාන්‍ය උශ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් සෘණ 10.8 ක් ලෙසයි.

2022 සහ 2021 වසරවල ශීත අධිකම කලාපය ලෙස වාර්තා අතරට එක්වූයේ Perisher නිම්නයයි.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »