ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් මාරාන්තික ස්නායු රෝගයකට නව අත්හදා බැලීමක

මාරාන්තික ස්නායු රෝගයක් වන මෝටර් නියුරෝන රෝගයට එරෙහි ප්‍රතිකාර කිරීම සදහා පැරණි වෛරසයක් අත්හදා බැලීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් කණ්ඩායමක් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වසර මිලියන තිහ හතලිහකට පෙර සිට මානව ශරීරයේ පවතින බව කියන වෛරසයක් උපයෝගී කරගනිමින් මෙම අත්හදා බැලීම සිදුකිරීමට නියමිතයි.

එම වෛරසය මගින් මෝටර් නියුරෝන රෝගයට එරෙහි ප්‍රතිදේහ නිපදවීමට හැකි ද යන්න පිළිබද පර්යේෂණ ආරම්භ වනු ඇති.

මේ අතර අදාළ පර්යේෂණයට සහය පලකරමින් ඩොලර් මිලියන 01 ක මුදලක් සැපයීමට ඔස්ට්‍රේලියානු සංවිධානයක් එකගතාව පල කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 300 කින් එක් අයෙක් මෝටර් නියුරෝන රෝගයට ගොදුරු වන අතර රෝගය වැළඳීමෙන් අනතුරුව රෝගියෙකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් මාස 27 කට සීමා වන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම අත්හදා බැලීම් සාර්ථක වන්නේ නම් ස්නායු ආශ්‍රිත මාරාන්තික රෝග රැසකටද එමගින් ප්‍රතිකාර සැපයිමට අවස්ථාව හිමිවන බවයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »