Search

ඉන්දීය හිරු ගවේෂණ යානය පෘථිවියෙන් යයි

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, හිරු ගවේෂණය සඳහා නිපදවූ ‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය රැගත් ඉන්දියාවේ PSLV රොකට්ටුව, සාර්ථකව මීට සුළු මොහොතකට පෙර, උඩු ගුවන බලා පිටත්ව ගියේය.

රොකට්ටුව උඩු ගුවනට යද්දී අදියරෙන් අදියර එහි කොටස් කැඩී වෙන්වෙයි.

අවසානයේ පෘථිවි කක්ෂයට යනු ඇත්තේ  ‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය රැගත් රොකට්ටුවේ මුදුනය.

කැඩී වෙන්වන රොකට් කැබලි වැටෙන්නේ සාගරයටය.

පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටුවෙන් මුදා හරින රොබෝ යානය, දින 125 ක දුර ගමක යෙදෙයි.

ඒ, හිරු සහ පෘථිවිය අසල ඇති, තාරකා වනිද්‍යාඥයන් විසින් ‘ලග්‍රාන්ජ් පොයින්ට්’ Lagrangian Point 1 (L1) යන නමින් හඳුන්වන ස්ථානය බලාය.

රොබෝ යානය මෙම ස්ථානයේ රැඳවෙයි. විසින් ‘ලග්‍රාන්ජ් පොයින්ට්’ ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.

‘ආධිත්‍යා Aditya L1’ යානය හිරු ගවේෂණය කරමින්, හිරුගේ ඡායාරූප ගැනීම සිදු කරයි.

ඉන්දීය විද්‍යාඥයන් පවසන්නේ ‘ආධිත්‍යා Aditya L1’  දිනකට පෘථිවියට එවීමට නියමිත හිරුගේ ඡායාරූප ගණන 1,440 ක් බවය.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »