Search

හොංකොං සහ චීනයට දරුණු සුළි කුණාටුවක්

හොංකොං සහ දකුණු චීනයට ඊයේ සිට බලපා ඇති සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන්වාර 460 ක් පමණ අවලංගු කර තිබෙනවා.

සංචාරක සහ ව්‍යාපාර කටයුතු සදහා පැමිණි ගුවන් මගීන් රැසක් මේ වන විට හොංකොං ගුවන්තොටුපළෙහි රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුළි කුණාටුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 400 ක් පමණ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

මේ අතර සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ප්‍රදේශවල නව පාසැල් වාරය ආරම්භ කිරිම ද සතියකින් කල්දමා තිබෙනවා.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි කාළගුණ අංශ ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර චීනයේ ප්‍රධාන නගර වෙත ඇතුල් වන හා පිටවන දුම්රිය සේවා ද සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා.

මෙම අයහපත් කාළගුණය හමුවේ හොංකොං හි කොටස් වෙළඳපළ ද කඩා වැටී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළ මෙම අවධානම පහව යා හැකි බවට ද කාළගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »