ලාංකික සම්භවයක් ඇති අයෙකු සිංගප්පූරු ජනපති ධුරයට

සිංගප්පූරුවේ ජනාධිපති ධුරය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙකු තේරී පත්වී තිබෙනවා.

ධර්මන් ෂන්මුගරත්නම් නම් ඔහුගේ මව මෙන්ම මුත්තණුවන්ද ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ උපත ලැබූවන් බව සඳහන්.

ඊයේ පැවති ජනාධිපතිවරණයේදී ධර්මන් ෂන්මුගරත්නම් විසින් සියයට 70.4 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනු ලැබුවේ සෙසු ප්‍රතිවාදීන් දෙදෙනා පරාජයට පත්කරමිනුයි.

අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා ඇති ඔහු සැළකෙන්නේ සිංගප්පුරුවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු ලෙසයි.

පළමුවරට ජනතාව විසින් ඡන්දය දීමෙන් සිංගප්පුරුවේ ජනාධිපතිවරයෙකු තෝරා ගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »