Search

ලබන සතියේදී ඔස්ට්‍රේලියානුවන්ට $ 05 ක නව සමරු කාසියක්

ඩොලර් 05 ක වටිනාකමින් යුත් නව සමරු කාසියක් ලබන සතියේදී ඔස්ට්‍රේලියානුවන්ට මිළදී ගැනීමට අවස්ථාව උදාවනවා.

ලබන සතියේ බ්‍රහස්පතින්දා සිට ඩොලර් 30 කට මුදලකට එය මිළදී ගත හැකියි.

මෙරට ඇති ලෝක උරුමයන් 20 ම නිරූපණය වන පරිදි නිපදවන ලද කාසි 30,000 ක් මෙලෙස ජනතාවට ලබාගැනීමට අවස්ථාව පවතිනවා.

කාසියේ එක් පසෙක සිඩ්නි ඔපෙරා ශාලාව – උලුරු පර්වතය සහ මහා බාධක කොරල් පරය වැනි ඔස්ට්‍රේලියානු ලෝක උරුමයන් ඇතුළත්.

අනෙක් පස 02 වන එළිසබෙත් රැජිණගේ රුව දිස්වන ලෙසයි මෙම සමරු කාසිය නිපදවා ඇත්තේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »