Search

ක්වන්ටාස් ට වාර්තාගත දඩයක් ගෙවීමට සිදුවන ළකුණු

පාරිභෝගික කොමිසම පවරා ඇති නඩුව පරාජයට පත්වුවහොත් ක්වන්ටාස් ගුවන් සේවයට වාර්තාගත දඩයක් ගෙවීමට සිදුවනු ඇති බවට අනාවැකි පළවනවා.

අවලංගු කල ගුවන් ගමන් සඳහාද ප්‍රවේශපත්‍ර අලෙව කිරීම ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය කඩකිරීමක් බවට චෝදනා කරමිනුයි මෙම නඩුකරය ගොණු කර ඇත්තේ.

දැනට මෙම වරදට අදාළව මෙරටදී කිසියම් සමාගමකට එරෙහිව පණවා ඇති උපරිම දඩ මුදල ඩොලර් මිලියන 125 ක්.

ඩීසල් විමෝචන ප්‍රමිතීන් කඩ කිරීමේ චෝදනාවකට අදාළව වොක්ස්වැගන් සමාගමට 2019 වසරේදී එම වන්දි මුදල ගෙවීමට නියෝග කෙරුණා.

කෙසේවෙතත් පාරිභෝගික කොමිසම අවධාරණය කරන්නේ සිය අපේක්ෂාව ක්වන්ටාස් සමාගමෙන් ඩොලර් මිලියන 600 ක වන්දියක් ලබාගැනීම බවයි.

එසේ වුවහොත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය කඩ කිරීමට අදාළව කිසියම් සමාගමකට එරෙහිව නියම කරනු ලැබු ඉහළම වන්දි මුදල ක්වන්ටාස් ගුවන් සේවයට නියම වනු ඇති.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »