Search

ප්‍රාන්ත 03 ක තනි පුද්ගල ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයට නව රෙගුලාසි

ප්‍රාන්ත 03 ක තනි පුද්ගල ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයට අදාළව ඊයේ සිට නව රෙගුලාසි බලාත්මක වනවා.

ක්වීන්ස්ලන්ඩ් – බටහිර ඔස්ට්‍රේලියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ කොට්න් බඩ් සහ පොලිස්ටයිරින් කෝප්ප භාවිතය මේ අනුව තහනම් වනවා.

එමෙන්ම සුපිරි වෙළඳසැල්වල මස් සහ මුහුදු ආහාර පිළිගන්වන පොලිස්ටයිරින් Tray සඳහාද ඊයේ සිට මෙම ප්‍රාන්ත 03 හි වාරණ බලාත්මකයි.

මීට අමතරව මහා පරිමාණ වශයෙන් උඩු ගුවනට බැලුන් යොමු කිරීමද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තහනම් කර තිබෙනවා.

ඒ අනුව දැනට ඒ සඳහා අවසර පවතින්නේ නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවලදී පමණයි.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »