Superannuation බදු වෙනස්කම් අවහිර කරන බවට ග්‍රීන්ස් පක්ෂයෙන් අනතුරු ඇගවීමක්

Superannuation අරමුදලට හඳුන්වාදීමට යෝජිත බදු වෙනස්කම්, පාර්ලිමේන්තුවේදී අවහිර කරන බවට ෆෙඩරල් ග්‍රීන්ස් පක්ෂය අනතුරු අගවනවා.

ඩොලර් මිලියන 03 ට වඩා Superannuation අරමුදලෙහි ඇති ප්‍රතිලාභීන්ගෙන් දැනට අය කෙරෙන බදු ප්‍රමාණය දෙගුණයකින් ඉහළ දමන බවයි ලේබර් පක්ෂ රජය වසර මුලදී සඳහන් කලේ.

ඒ හරහා වසරකට අමතර ඩොලර් බිලියන 02 ක පමණ වාර්ෂික බදු ආදායමක් රජය අපේක්ෂා කරනවා.

කෙසේවෙතත් ලිබරල් සන්ධානය විසින් දැඩි විරුද්ධත්වය පළ කිරීම හමුවේ ග්‍රීන්ස් පක්ෂයේ සහය නොමැතිව එය සම්මත කරගැනීමට ලේබර් පක්ෂ රජයට අසීරු වනු ඇති බවටයි විචාරකයන් මත පළකරන්නේ.

paid parental leave සඳහා ද Superannuation අදාළ කල යුතු බවත් එසේ නොවන්නේ නම් යෝජිත Superannuation බදු සංශෝධන සඳහා සහය නොදෙන බවටත් ග්‍රීන්ස් පක්ෂය විසින් අනතුරු අගවා සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »