
වයස අවුරුදු 75 ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශ විසින් තවත් අමතර COVID එන්නත් මාත්‍රාවක් නිර්දේශ කර තිබෙනවා.
පසුගිය මාස 06 තුළදී කිසිදු මාත්‍රාවක් නොගත් වයෝවෘද්ධ ඔස්ට්‍රේලියානුවන් සඳහායි එය නිර්දේශ කර ඇත්තේ.
අවුරුදු 65 ත් 74 ත් අතර අවධානම් තත්වයේ පසුවන අය වෙතොත් ඔවුන්ටද අතිරේක කොවිඩ් මාත්‍රාවක් ලබාගැනීම යෝග්‍ය බවටද දන්වා තිබෙනවා.

ඕනෑම වයස් කාණ්ඩයක සිටින මෙතෙක් බූස්ටර් එන්නත් මාත්‍රාව ගෙන නොමැති සුදුසුකම් සහිත පිරිස් වෙත ඒ සඳහා කටයුතු කරන ලෙසටද දැනුමීදීමක් සිදු කෙරෙනවා.
සෞඛ්‍ය අංශ විසින් මෙම දැනුම්දීම සිදුකරන්නේ ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන්ට අනිවාර්ය කොවිඩ් එන්නත්කරණ අවශ්‍යතාවය ඉවත් කර ඇති පසුබිමකදී වීමද විශේෂත්වයක්.
