
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ උෂ්ණාධිකම ශීත සෘතුව මෙවර සටහන්වී තිබෙනවා.
පසුගිය මාස කිහිපයේදී සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.53 ක ඉහළ අගයක් පැවති බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.
1910 වසරේදී කාළගුණ වාර්තා සටහන් තැබීම ආරම්භවීමෙන් පසු මෙතෙක් උෂ්ණාධිකම ශීත සෘතුව අයත් වසර ලෙස සටහන් වී තිබුණේ 1996 වසරයි.

එහිදී සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.46 ක උණුසුමක් සටහන් වී තිබුණා.
ඔස්ටේ්‍රලියාවේ ඇතැම් හිම කලාප මෙවර වසර 50 කට පමණ පසු අවම හිමපතනයන් සටහන් කර තිබූ බව සඳහන්.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම සාමාන්‍ය උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙනුයි.