Search

QLD සෞඛ්‍ය සේවකයන් සඳහා අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය ඉවතට

සෞඛ්‍ය සේවකයන් සඳහා පණවා ඇති අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය මෙම මාසය අවසානයේ සිට ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2021 වසරේ සිට වසර 03 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වු මෙම අනිවාර්ය අවශ්‍යතාවය ඉවත් වනු ඇති.

කෙසේවෙතත් සරම්ප – කම්මුල්ගාය සහ රුබෙල්ලා රෝග සඳහා වන එන්නත් ලබාගෙන සිටීම ක්වින්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන් සඳහා අනිවාර්ය වනවා.

කොවිඩ් අනිවාර්ය එන්නත්කරණය ඉවත් කෙරුණද කැමති සෞඛ්‍ය සේවකයන්ට එය ලබාගැනීම කිසිදු බාධාවක් නොවන බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

පසුගිය වසර 03 පුරාවට බලාත්මක වූ මෙම අනිවාර්ය අවශ්‍යතාවය හමුවේ සේවයෙන් පහකෙරුණු හෝ ඉවත්ව ගිය ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන් 1,200 කට ආසන්න පිරිසකට යළිත් අයදුම් කිරීමටද අවස්ථාව උදාවනු ඇති.

මේ අතර කොවිඩ් 19 සඳහා ධනාත්මක වන ක්වින්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන්ට මෙතෙක් බලපැවති දින 07 ක නිරෝධායන කාලසීමාවද අද සිට දින 05 කට අඩු කර තිබෙනවා.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »