
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලූම සමාජ ශාලා සහ තැබෑරූම්වල බාහිරින් ප්‍රදර්ශනය කර ඇති සූදූ ක්‍රීඩා දැන්වීම් පුවරු ඉවත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වනවා.
ඒ අනුව VIP අකුරු සහිත පුවරු පවා අද දිනයට පෙර ඉවත් කල යුතු බවටයි ප්‍රාන්ත රජය විසින් දන්වා ඇත්තේ.
අද සිට දෙසැම්බර් 01 වනදා දක්වා එවැනි පුවරු තවදුරටත් ප්‍රදර්ශනය කරන ස්ථාන සඳහා දැඩි අවවාද කෙරෙනු ඇති.

දෙසැම්බර් 01 වනදායින් පසුව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බවයි නිවු සවුත් වේල්ස් පොලිසිය අවධාරණය කර සිටින්නේ.
සූදූ ක්‍රීඩා ස්ථාන තුළ සිදුවන අයථා ක්‍රියා මැඩලීමේ එක් අධියරක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

අදින් පසු එවැනි පුවරු සහිත ස්ථාන වෙතොත් වහා පැමිණිලි කරන ලෙස නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.