කොවිඩ් සමයේදී හඳුන්වාදුන් 408 Covid වීසා කාණ්ඩය අහෝසි කෙරේ

කොවිඩ් වසංගත සමයේදී හඳුන්වාදෙනු ලැබූ pandemic event visa හෙවත් 408 වීසා කාණ්ඩය අහෝසි කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට එනම් සැප්තැම්බර් 02 වනදා සිට ඊට අදාළව නව අයදුම්කරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කල නොහැකි වනු ඇති.

කෙසේවෙතත් දැනටමත් pandemic event වීසා බලපත්‍රයත් ඇති අයෙකුට එය උපරිම මාස 06 කට දීර්ඝ කරගැනීමට හෝ සංශෝධනයකට අවස්ථාව පවතිනවා.

ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට එයද අත්හිටුවෙන අතර එතැන් සිට මෙම වීසා කාණ්ඩය ස්ථිරවම අහෝසි වනු ඇති.

වෙනත් වීසා කාණ්ඩයක සිටින අයෙකුට pandemic event visa කාණ්ඩය සඳහා අයදුම් කිරීමටද හෙට සිට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කෙසේවෙතත් දැනට වලංගු 408 වීසා බලපත්‍රයක් ඇති ඕනෑම අයෙකුට ඔවුන්ගේ වත්මන් 408 වීසා බලපත්‍රය කල් ඉකුත් වන තෙක් ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව සිටීමට අවස්ථාව පවතිනවා.

හෙට සිට ලබන පෙබරවාරි මාසය දක්වා මෙම වීසා කාණ්ඩයේ අයදුම්පත් ගාස්තුව ඩොලර් 405 ක් ලෙසටද සංශෝධනය කර තිබෙනවා.

කොවිඩ් වසංගත සමයේදී ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට නොහැකි වූ ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා මෙන්ම 2020 වසරේදී කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව වන විට ඔස්ට්‍රේලියාවේ පැවති ශ්‍රම හිඟය පිරවීම සඳහා මෙම විශේෂ වීසා බලපත්‍රය එවකට බලයේ සිටි ලිබරල් සන්ධාන රජය විසිනුයි හඳුන්වා දෙනු ලැබුවේ.

https://minister.homeaffairs.gov.au/ClareONeil/Pages/closure-of-the-pandemic-event-visa.aspx?fbclid=IwAR0av8Mdth6kSc02HBkZGLJ973lmo1caDOGU_tyseXJ7VHjEWs3oRZV11WY

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »