ඔස්ට්‍රේලියානුවන්ට ඖෂධ මිළදී ගැනීමේදී දැවැන්ත සහනයක් අද සිට බලාත්මක වනවා.
ඒ අනුව එක් ඖෂධ තුණ්ඩුවක මිළට දැනට ලබාගත හැකි මාසයක ඖෂධ ප්‍රමාණය වෙනුවට මාස 02 ක ඖෂධ මිළදී ගැනීමට අවස්ථාව පවතිනවා.
මෙම සංශෝධනය හරහා ඔස්ට්‍රේලියානුවන් මිලියන 06 කට පමණ සහන සැළසෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
ඉදිරි වසර 04 තුළදී ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 1.6 ක සහනයක් ලබාදීම මෙම සංශෝධනයේ මූලික අපේක්ෂාවයි.
වකුගඩු ආබාධ – දියවැඩියාව – හෘද රෝග වැනි රෝගී තත්වයන් සඳහා අවශ්‍ය වන ඖෂධ වර්ග 320 ක් පමණ මිළදී ගැනීමේදී මෙම වරප්‍රසාදය ලැබීමට නියමිතයි.
කෙසේවෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ඔසුසැල් හිමියන් රැසක් අප්‍රසාදය පළකරනවා.
ඖෂධ වර්ග රැසක දැඩි හිගයක් පවතින වාතාවරණයකදී මෙම යෝජනාව හරහා එය තවත් ඉහළ යනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම සංශෝධනයත් සමග ඔසුසැල් රැසක දැඩි ඖෂධ හිගයක් නිර්මාණය වී ඇති බවත් දුෂ්කර ප්‍රදේශවල එම තත්වය වැඩි වශයෙන් දැකගත හැකි බවත් ඔසුසැල් හිමියන් සඳහන් කරනවා.