Search

ජනමත විචාරණයට තාවකාලික සේවකයන් 100,000 ක් බඳවා ගනී

ලබන ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙන ස්වදේශික හඩ ජනමත විචාරණයේ කටයුතු සඳහා තාවකාලික සේවකයන් බඳවා ගැනීමට ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

100,000 කට ආසන්න පිරිසක් එලෙස අනුයුක්ත කිරීමට නියමිත අතර ඉන් වැඩි පිරිසක් regional ප්‍රදේශ වෙත යොමු කිරීමට නියමිතයි.

ඔවුන්ට කිසියම් දීමනාවක්ද ගෙවීමට පියවර ගන්නා බවයි ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිසම කියාසිටියේ.

වැඩිම පිරිසක් අවශ්‍ය බවට පුරෝකථනය කර ඇත්තේ නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා හි regional ප්‍රදේශවලටයි.

ස්වදේශික හඩ ජනමත විචාරණය සඳහා වැයවනු ඇති බවට තක්සේරු කර ඇති මුදල ඩොලර් මිලියන 450 ක්.

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »