ස්වදේශික හඩ ජනමත විචාරණයේදී අවාසි සහගත බවට පූර්ව මත විමසුම්වලදී අනාවැකි පළවී ඇති ප්‍රාන්තවල ප්‍රචාරණ කටයුතු වේගවත් කිරීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ටස්මේනියා ප්‍රාන්තයෙන් අද ප්‍රචාරක කටයුතු ආරම්භ කරනු ලැබුවා.
ඔහු එහිදී සඳහන් කලේ ස්වදේශික ජනතාවට වැඩි වරප්‍රසාද හිමිවන මෙම ජනමත විචාරණය ජයග්‍රහණය කරවීම සියලු ඔස්ටේ්‍රලියානුවන්ගේ වගකීමක් වන බවයි.
ජනමත විචාරණය රජයට අවාසි සහගත වනු ඇති බවටයි මත විමසුම් කිහිපයකින්ම අනාවරණ වී ඇත්තේ.
ස්වදේශික හඩ ජනමත විචාරණය ලබන ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙන බවයි අගමැති ඇල්බනීස් ඊයේ නිවේදනය කලේ.
ඊට අදාළ තොරතුරු පත්‍රිකා මිලියන 13 ක් මේ වනවිට නිවාස වෙත බෙදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.