Search

වික්ටෝරියාවේ රිය අනතුරකින් 04 ක් මරුට

ඊසාන දිග වික්ටෝරියාවේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෝටර් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරු 10.30 ට පමණ මෙම අනතුර සිදුවී තිබුණේ Hume අධිවේගී මාර්ගයේදීයි.

මියගොස් ඇත්තේ Sedan වර්ගයේ මෝටර් රථයේ ගමන් කල 04 දෙනායි.

ට්‍රක් රථයේ රියදුරා වන 30 හැවිරිදි තැනැත්තාද බරපතල නොවන තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුරත් සමග අදාළ මාර්ග කොටස තාවකාලිකව වසා දමා ඇති බවද සඳහන්.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »