මාස 03 කට Woolworths – Coles ද්‍රව්‍ය සිය ගණනක මිළ පහතට

මාස 03 ක කාලයක් සඳහා ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සිය ගණනක මිළ ගණන් පහත දැමීමට Woolworths සහ Coles සුපිරි වෙළඳසැල් ජාල විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව Coles විසින් නිෂ්පාදන වර්ග 500 කද – Woolworths විසින් ද්‍රව්‍ය 450 කද මිළ ගණන් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම සුපිරි වෙළඳ සැල් ජාල 02 විසින්ම පසුගිය මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියනය ඉක්මවු ලාභයන් වාර්තා කරනු ලැබු පසුබිමකයි මෙලෙස භාණ්ඩ මිළ ගණන් කපා හැර ඇත්තේ.

මේ අනුව Coles විසින් සියයට 19.7 කින්ද Woolworths විසින් සියයට 17 කින්ද භාණ්ඩ මිළ අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

නත්තල් සමය එළඹෙන තුරු මෙම මිළ අඩු කිරීම් බලාත්මකයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »