අවලංගු කල ප්‍රවේශපත්‍ර අලෙවි කලැයි ක්වන්ටාස් ට නඩු

අයථා අන්දමින් ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ සිදුවීමකට අදාළව පාරිභෝගික කොමිසම විසින් ක්වන්ටාස් ගුවන් සේවයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

අවලංගු කරනු ලැබූ ගුවන් ගමන් වාර 8,000 කට අධික සංඛ්‍යාවක් සඳහා තවදුරටත් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ඔවුන් විසින් සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

2022 වසරේ මැයි සිට ජූලි දක්වා කාලය තුළ මෙම අලෙවි කිරීම් සිදුකර ඇති බවත් එය මුලුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බවටත් පාරිභෝගික කොමිසම චෝදනා කරනවා.

එමෙන්ම අවලංගු කල ගුවන් ගමන් වාර සම්බන්ධයෙන් ප්‍රවේශ පත්‍ර මිළදී ගත් මගීන්ට දින 18 ක් ගතවීමෙන් අනතුරුව පවා ක්වන්ටාස් ගුවන් සේවය විසින් දැනුමී දී නොමැති බවටද අනාවරණය වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ දමන්නැයි කටාර් ගුවන් සේවය විසින් කල ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ක්ව්න්ටාස් ගුවන් සේවය විසින් බලපෑම් කල බවටද චෝදනා එල්ල වනවා.

මේ අතර කොවිඩ් සමයේ අවලංගු කල ගුවන් ගමන්වලට අදාළ භාවිත කිරීම ලබන දෙසැම්බර් 31 වනදාට පෙර සිදුකරන ලෙස පාරිභෝගිකයන්ට සිදුකල දැනුම්දීම අහෝසි කිරීමටද ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

Read More »

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »