අමතර ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට කටාර් ගුවන් සේවය කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ෆෙඩරල් රජය ගනු ලැබූ තීරණය අදූරදර්ශී එකක් බවට චෝදනා එල්ල වනවා.
ගුවන් ගාස්තු අඩු කර ගැනීමට තිබූ අවස්ථාවක් එමගින් අහිමි කරගත් බවයි පාරිභෝගික කොමිසමේ හිටපු ප්‍රධානීන් දෙදෙනෙකුම විසින් අවධාරණය කර ඇත්තේ.
නව ගුවන් වාර ඇති කිරීම මගින් ගුවන් ගාස්තු සියයට 40 කින් පමණ අඩුකරගත හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දෝහා සිට සිඩ්නි, මෙල්බන් සහ බ්‍රිස්බන් දක්වා දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් 28 ට අමතරව තවත් ගුවන් වාර 21 ක් ක්‍රියාත්මක කිරීමට කටාර් ගුවන් සේවය විසින් අවසර ඉල්ලා තිබුණා.
කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව එම යෝජනාව ප්‍රතික්ශේප කිරීමටයි ෆෙඩරල් රජය පියවර ගත්තේ.
මේ සම්බන්ධයෙන් සෙනෙට් සභිකයන් ඇතුලු පාර්ශව රැසක් චෝදනා එල්ල කර තිබෙනවා.