හදිසි අනතුරු ඇඟවීමක්: ව්‍යාජ Woolworths ෆේස්බුක් පිටුවක් පැය 10 ක් තුළ මිනිසුන් 50,000 රවටා ඇත.

හදිසි අනතුරු ඇඟවීමක්: ව්‍යාජ Woolworths ෆේස්බුක් පිටුවක් පැය 10 ක් තුළ මිනිසුන් 50,000 රවටා ඇත.

URGENT WARNING: The fake Woolworths offer that fooled 50k people in just 10 hours

පැය 10 ක් වැනි කෙටි කාලයක් තුළදී ඕස්ට්‍රේලියානුවන් 50,000 කට අධික සංඛ්‍යාවක් රවටා ඇති නව වංචාවක් පිළිබඳව සොයා බලන ලෙස Woolworths පාරිභෝගිකයින්ට අනතුරු අඟවා තිබේ.

මෙම ව්‍යාජ Woolworths වෙළඳසැල් ෆේස්බුක් පිටුව නිවේදන පණිවිඩයක් නිකුත් කර (post) ඒ ගැන අදහස් දක්වන ඕනෑම කෙනෙකුට “නොමිලේ සිල්ලර පෙට්ටියක්” ලබා දෙන බව සඳහන්.

මෙම වංචාව පිළිබඳව පැය 10 ක් තුළ 25,000 කට අධික පිරිසක් අදහස් දැක්වූ අතර 50,000 ක් දෙනා එය මිතුරන් හා පවුලේ අය සමඟ බෙදා ගත්හ.

සුපිරි වෙළඳසැල කිසිදු ආකාරයකින් මෙම ක්‍රියාව​ට අනුබද්ධ නොවන බව Woolworths ප්‍රකාශකයෙක් තහවුරු කර තිබේ.

Woolworths හි ප්‍රධාන විධායක බ්‍රැඩ් බන්ඩුචිගේ ඡායාරූප සහ සිල්ලර පෙට්ටි පෙළක් වඩාත් නීත්‍යානුකූල යැයි පෙනෙන නවීන වංචාවෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන් රැවටී ඇත.

post එකෙහි මෙසේ සඳහන් වේ: “මගේ නම බ්‍රැඩ්ෆර්ඩ් බන්දුචි සහ මම Woolworths ඉන්කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරියා වෙමි.
“අපගේ 100 වන උපන්දිනය සැමරීම සඳහා, ඉදිරි පැය 24 තුළ මෙම post එක​ බෙදාහදා ගන්නා සහ අදහස් දක්වන සෑම පුද්ගලයෙකුටම නොවැම්බර් 30 වන සඳුදා නත්තල් තෑගි පෙට්ටියක්  ඔවුන්ගේ දොරකඩට ලැබෙනු ඇත.

“සෑම ආහාර පෙට්ටියකම ඩොලර් 100 ක් වටිනා සිල්ලර බඩු සහ ඩොලර් 75 Woolworths වවුචර අඩංගු වේ. ”

මෙම post එක දැන් ෆේස්බුක් විසින් ඉවත් කර ඇත​.

Image: Facebook

(7News)

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »