Search

සාකච්ඡා අසාර්ථකයි – දකුණු ඔස්ට්‍රේලියා ගුරු වර්ජනය සැලසුම් කල පරිදිම

ලබන සිකුරාදා දිනයට සැළසුම් කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගුරු සංගම් සහ ප්‍රාන්ත රජය අතර පැවති සාකච්ඡා බිඳ වැටී තිබෙනවා.

ඒ අනුව පාසල් 167 ක එදින කිසිදු අධ්‍යාපන කටයුත්තක් සිදු නොවන බවටයි ගුරු සංගම් දන්වා සිටින්නේ.

තවත් පාසල් 152 ක සීමිත අධ්‍යයන කටයුතු සිදු කෙරෙනු ඇති.

ප්‍රාන්තයේ පාසල් 927 අතුරින් 608 ක කිසිදු බාධාවකින් තොරව ඉගැන්වීම් කටයුතු එදින පැවැත්වෙන බවටද ගුරු සංගම් දැනුම් දෙනවා.

වැටුප් සහ සේවා කොන්දේසි ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි දකුණු ඔස්ට්‍රේලියා ගුරු සංගම් ලබන සිකුරාදා මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »