Search

පුද්ගලික සංචාර චෝදනාවට ක්වීන්ස්ලන්ඩ් අගමැතිනියගෙන් උත්තර

තම පුද්ගලිකත්වයට බාධා නොකරන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සෑම පාර්ශවයකින්ම ඉල්ලීමක් කර තිබෙනවා.

පෞද්ගලික සංචාරයක් සදහා යුරෝපය බලා පිටත්ව යාම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව විසින් ඇයට චෝදනා ඉදිරිපත් කර තිබුණා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ පෞද්ගලික නිවාඩුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම තම පෞද්ගලිකත්වයට බාධාවක් බවයි.

2032 වසරේ ඔලිම්පික් ක්‍රිඩා උළෙල බ්‍රිස්බන්ගි පැවැත්වීම හා ක්වීන්ස්ලන්ඩ් හි තරුණ අපරාධ ඉහළයාම සම්බන්ධව මේ දිනවල ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදි විවාදයක් පැවැත්වීමට නියමිතයි.

තරුණ අපරාධවලට එරෙහිව දැඩි නීති ගෙන ලෙස බලකරමින් බ්‍රිස්බන් නගරයේ උද්ඝෝෂණ පවා ක්‍රියාත්මක වුණා.

මෙවැනි තත්වයක් තුළ අගමැතිනිය රටෙන් බැහැරවී නිවාඩු ගතකිරීම සම්බන්ධව බොහෝ පාර්ශව චෝදනා නගා තිබුණා.

ප්‍රාන්ත අගමැතිනියගේ යුරෝපා සංචාරය අතරතුර නියෝජ්‍ය අගමැති ස්ටීවන් මයිකල් වැඩබලන අගමැති ලෙස ධූරයේ කටයුතු කරනු ඇති.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »