Search

තනතුරට එන්න පෙරම මීළග අධිපතිනියගෙන් අනතුරු ඇගවීමක්

දේශගුණික විපර්යාස ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට දැඩිව බලපෑම් ඇතිකරන බව මීලග ෆෙඩරල් සංචිත බැංකු අධිපති මිශෙල් බුලොක් පවසනවා.

මේ තත්වයට මුහුණදීම සදහා මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව කළමණාකරනය කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කලේ.

දේශගුණික විපර්යාස නිශ්චිතව නිර්ණය කර ගත නොහැකි අතර එය ආර්ථික පද්ධතියට කොපමණ බලපෑම් කරන්නේද යන්න නිශ්චිත තක්සේරුවක් කල නොහැකි බවයි ඇය සදහන් කළේ.

එවැනි අවිනිශ්චිත තත්වයක් තුල බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනයට අදාළව මුල්‍ය ආයතන එක්ව ක්‍රියා කිරීම වැදගත් වනු ඇති.

අවිනිශ්චිත ආර්ථික බාධාවන්ට මුහුණදීමට අදාල නව මූල්‍ය ප්‍රතිපත්ති සකස් කරමින් පොලි අනුපාතිකයන් නිර්නය කිරිමට අදාල යෝජනාවක් ද ඉදිරිපත්ව තිබෙනවා.

ආපදා කලාප වල වෙසෙන ජනයා ඉන් ඉවත් කිරීමට පියවර ගතයුතු අතර බලශක්ති ඉල්ලූමට නිසි විසදුම් ගතයුතු බව ද මීලග ෆෙඩරල් සංචිත බැංකු අධිපති මිශෙල් බුලොක් අවධාරණය කළා.

දැනට ෆෙඩරල් සංචිත බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කරන මිශෙල් බුලොක්ස් එළඹෙන සැප්තැම්බර් 18 වන දින සිට එහි නව අධිපති ලෙස වැඩභාරගැනීමට නියමිතයි.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »