Search

නවීන Taser 7 උපාංග වික්ටෝරියා පොලිසියටත්

ඩොලර් මිලියන 214 ක වටිනාකමින් යුත් නව ටේසර් උපාංග වික්ටෝරියා පොලිසිය වෙනුවෙන් මිළදී ගැනීමට අදාළ ගිවිසුමකට වික්ටෝරියා ප්‍රාන්ත රජය එකගතාව පළකර තිබෙනවා.

අමෙරිකාවේ නිශ්පාදිත නව තාක්ෂණයෙන් යුත් ටේසර් 07 මාදිලියේ මෙම උපාංග වික්ටෝරියා ඉදිරිපෙළ පොලිස් සහ ආරක්ෂක නිලධාරින් 10,300 කට ආසන්න පිරිසකට ලබාදීමට නියමිතයි.

නව ටේසර් යන්ත්‍රවල විශේෂත්වය වනුයේ ආරක්ෂක නිළධාරින්ගේ ඇඳුමෙහි ඇති කැමරාව සමග ස්වයංක්‍රීයව සක්‍රීය වීමයි.

එහිදි ටේසර් උපාංගය ක්‍රියාත්මක කරනු ලබන සිදුවීම් පිළිබද නිවැරදි දර්ශණ ක්ෂණිකව ලබාගැනීමට හැකියාව තිබීම නීතිමය කටයුතුවලටද පහසුවක් වන බවයි ආරක්ෂක අංශ සදහන් කර ඇත්තේ.

අධියර තුනක් යටතේ මෙම උපාංග බෙදාදීමට සුදානම් වන අතර පළමු අධියර එළඹෙන නොවැම්බර් මස මුලදී Dandenong සහ Springvale පොලිස් ස්ථානවලට අනුයුක්ත නිළධාරින් වෙත ලබාදීමට නියමිතයි.

මෙහි දෙවන අධියර ලබන වසරේ අප්‍රේල් මස ආරම්භ කිරීමට නියමිත අතර 2026 වසර වන තෙක් මෙම බෙදාහැරීම් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

නව තාක්ෂණයෙන් යුත් මෙම ටේසර් උපාංග දැනට මෙරටදී භාවිත කරනු ලබන්නේ ෆෙඩරල් පොලිස් නිලධාරීන් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිස් නිළධාරීන් විසින් පමණයි.