Search

2019 දී ඇරඹූ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 64% ක් වසර 04 ක් ගතවීමට පෙර සදහටම වැසේ

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අතුරින් සියයට 15 ක් ගතවූ මාස 12 ක කාලය තුළදී අසාර්ථක වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම දත්තවල සඳහන් වන්නේ එය 2008 වසරෙන් පසු මාස 12 ක කාලය තුළදී ව්‍යාපාර බිඳ වැටීම්වල ඉහළම අගය බවයි.

කොවිඩ් සමය ආරම්භ වූ 2019 වසරේ සිට ගතවූ වසර 04 ක කාලය තුළදී ස්ථිරවම වසා දමන ලද ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවල ප්‍රතිශතය සියයට 35 ක්.

මින් බහුතරය ප්‍රවාහන – තැපැල් සහ ගබඩා ක්ෂේත්‍රවලට අයත් ආයතන බවයි පැවසෙන්නේ.

2019 වසරේදී ආරම්භ කරනු ලැබූ වයාපාර අතුරින් සියයට 64.4 ක් වසර 04 ක් ගතවීමට පෙර වසා දමා ඇති බවත් එය ඉතා බරපතල තත්වයක් බවත් සංඛ්‍යාලේඛණ කාර්යාංශය අවධාරණය කරනවා.

ජාතික සිල්ලර වෙළඳ සම්මේලනය පෙන්වා දෙන්නේ මෙම තත්වය අතිශය භයානක අතර ඇතැම් සුලු පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවයක් පවතින බවයි.

SOURCE : https://www.abc.net.au/news/2023-08-30/business-failure-rate-worsens-calls-for-government-action/102788742

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »