ඔස්ට්‍රේලියාවේ උද්ධමනය කැපී පෙනෙන ලෙස පහළට

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

පසුගිය ජූනි මාසයේදී සියයට 5.4 ක් ලෙස පැවති උද්ධමනය ජූලි මාසයේදී සියයට 4.9 ක් දක්වා අඩුවී ඇති බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශය අද නිකුත් කල දත්ත වල දැක්වෙන්නේ.

ඉන්ධන – පළතුරු සහ එළවලු මිළ ගණන්වල සිදුවූ පහළ යෑම් මීට හේතුවී තිබෙනවා.

කෙසේවෙතත් නිවාස මිළ අඛණ්ඩව ඉහළයමින් පවතින බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී සියයට 8.4 ක ඉහළ උද්ධමනයක් වාර්තා කිරීමෙන් පසු ගතවූ මාස 08 තුළදී අඛණ්ඩව එය පහළයාමද විශේෂත්වයක්.

ජූලි මාසයේ උද්ධමනය පහළයාම ලබන සතියට යෙදී ඇති සංචිත බැංකුවේ මාසික පොළී අනුපාත තීරණයටද බලපානු ඇති.

ලබන මාසයේදී විශ්‍රාම යන වත්මන් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ සහභාගී වන අවසාන සංචිත බැංකු විධායක මණ්ඩල රැස්වීමද එයයි.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »