ස්වදේශික ජනතා හඩ ජනමත විචාරණය ලබන ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙන බව අගමැති ඇන්තනී ඇල්බනීස් අද නිල වශයෙන් නිවේදනය කලා.
ඒ ඇඩිලේඩ් නුවරදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි.
ඔස්ට්‍රේලියාව තුළ දී ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ වසර 24 කට පසුව වන අතර අවසන් වරට මෙරටදී ජනමත විචාරණයක් පවත්වා තිබුණේ 1999 වසරේදීයී.
මේ අතර ස්වදේශික ජනතා හඩ ජනමත විචාරණ යෝජනාව සහ උපදෙස් ඇතුළත් ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීම ආරම්භ කර තිබෙනවා.
ඒ සදහා පත්‍රිකා මිලියන 13 ක් මුද්‍රණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනමත විචාරණයට අදාල ඡන්ද පත්‍රිකා නිසි ලෙස සම්පූරණ කිරීමට අදාල උපදෙස් ද ඒ සමග ජනතාව වෙත ලබා දී ඇති අතර අන්තර්ජාලය ඔස්සේද එම තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මෙ වන විට ජනමත විචාරණය පරාජයවීමේ වැඩි ප්‍රවණතාවයක් බවතින බව ඇතැම් සමීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.
කෙසේ වෙතත් අගමැති ඇන්තනී ඇල්බනීස් විශ්වාස කරන්නේ ජනතාව ව්‍යවස්ථාපිත වෙනසක් ඇති කිරීමට සහය පළ කරනු ඇති බවයි.
එම යෝජනාව සම්මත කර ගැනීම සදහා සහය පලකරන ලෙස අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.