
මෘදුකාංග දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළදී අලෙවි කරන ලද ෆෝඩ් වර්ගයේ රථවාහන 5,000 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.
2021 සහ 2023 අතර නිපදවන ලද Ford Rangers සහ Ford Everest යන මාදිලිවලට අයත් රථවාහන මෙලෙස ආපසු කැඳවා ඇති බව සඳහන්.
පැයට කිලෝමීටර් 06 කට වඩා අඩු වේගයක ගමන් කරමින් සිටියදී වාහනය එක් වරම නතරවීම මෙහිදී සිදුවන බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ක්ෂණික රිය අනතුරු සිදුවීමේ ඉහළ අවධානමක් පවතින බවටද හඳුනාගෙන තිබෙනවා.
අදාළ ෆෝඩ් වාහන හිමියන්ට නොමිළයේ පරීක්ෂාවක් කර ගැනීමට අවස්ථාව පවතිනවා.
