NSW කැළෑ අශ්ව ගහණය පාලනයට ගුවනින් වෙඩි තැබීමේ යෝජනාව ගැන අදහස් විමසීමක්

නිවු සවුත් වේල්ස් හි වෙසෙන කැළෑ අශ්ව ගහණය පාලනය සදහා ගුවනින් වෙඩි තැබීමට අදාල යෝජනාව සම්බන්ධව මහජන අදහස් විමසීමට පියවර ගෙන තිබෙනවා.

ලබන ඔක්තෝබර් 13 වනදා තෙක් ඒ සඳහා අවස්ථාව පවතින බව සඳහන්.

වනෝද්‍යාන ආශ්‍රිතව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කැලෑ අශ්වයන් පාලනය කිරීම සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් මෙම තීරණය ගෙන තිබුණා.

මේ වනවිට නිවු සවුත් වේල්ස් හි කැළෑ අශ්ව ගහනය 14,000 ත් 23,000ත් වන අතර 2027 වසර වන විට එම සංඛ්‍යාව 3,000 දක්වා අඩුකිරීම නිවු සවුත් වේල්ස් රජයේ අරමුණ වී තිබෙනවා.

කෙසේවෙතත් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංගම් පෙන්වා දෙන්නේ ගුවනින් වෙඩි තබා එම සතුන් පාලනය කිරීමට පෙර නිසි පරිදි සොයා බලා ඇස්තමේන්තු සිදු කිරීම අනිවාර්ය වන බවයි.

ගුවනින් වෙඩි තැබීම පුද්ගල ආරක්ෂාවට ද තර්ජනයක් බවයි එම සංගම් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධව විමර්ශනය සදහා වෙනම කමිටුවක් පත් කිරීමට ද නියමිත අතර එහිදි මින් පෙර සත්ව පාලනය සදහා ගුවනින් වෙඩිතැබීම් සිදුකල අවස්ථා අධ්‍යයනය කිරීමට නියමිතයි.

මේ අතර කැළෑ අශ්වයින්ගේ ක්‍රියා හේතුවෙන් ඇතැම් සත්ව විශේෂ වදවීයෑමේ තර්ජනයකටද මුහුණ පා ඇති අතර පරිසර පද්ධතියටද තර්ජනයක් වී ඇති බව ද වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »