ඔස්ට්‍රේලියානුවන් සේවයෙන් විශ්‍රාම යාමේ සාමාන්‍ය වයස ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම දත්ත වාරතාවක දැක්වෙන්නේ මේ වනවිට විශ්‍රාම යාමේ සාමාන්‍ය වයස අවුරුදු 56 ඉක්මවන බවයි.
2018 වසරේදී ඔස්ටේ්‍රලියානු කාන්තාවන් විශ්‍රාම යාමේ සාමාන්‍ය වයස අවුරුදු 52 ක් ලෙස පැවති අතර මේ වනවිට එය අවුරුදු 54 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහෙත් පුරුෂයන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 59 ක් ලෙසම පවතින නමුත් මාස කිහිපයකින් එම අගය අඩුවී ඇති බව සඳහන්.
ඉදිරි වසර 05 තුළදී විශ්‍රාම යාමට අපේක්ෂාවෙන් සිටින පිරිස 673,000 ක් පමණ වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.
දැනට පවතින ආර්ථික තත්වයන් යටතේ විශ්‍රාම යාමෙන් පසු වියදම් පියවා ගැනීමට තනි පුද්ගලයෙකුට වසරකට ඩොලර් 50,000 ක සහ යුවළකට ඩොලර් 70,000 ක මුදලක් අවශ්‍ය කරන බවට තක්සේරු කර තිබෙනවා.