වික්ටෝරියා ප්‍රාන්තයේ දේපළවලින් දැනට අය කෙරෙන මුද්දර ගාස්තු ඉවත්කර ඒ වෙනුවට ඉඩම් බද්දක් පැණවිය යුතු බවට නිර්දේශයක් ඉදිරිපත්වී තිබෙනවා.
දැනට පවතින මුද්දර ගාස්තු ක්‍රමය මගින් දික්කසාද වූ කාන්තාවන්ට මෙන්ම තරුණ තරුණියන්ගේ නිවාස අයිතියට බාධාවක් එල්ලවී ඇති බවයි ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසින් පත්කල කමිටු වාර්තාවක දැක්වෙන්නේ.
මුද්දර ගාස්තු මගින් පසුගිය වසර තුල වික්ටෝරියා ප්‍රාන්ත රජය ඩොලර් බිලියන 8.2 ක ආදායමක් ලබා ඇති අතර එය සමස්ථ බදු ආදායමෙන් හතරෙන් එකකටත් වඩා වැඩි අගයක් ගැනීම විශේෂත්වයක්.
වික්ටෝරියා හි විපක්ෂය වන ලිබරල් පක්ෂය ද පෙන්වා දෙන්නේ දැරිය නොහැකි මුද්දර ගාස්තු ක්‍රමය ඉවත් කල යුතු අතර එය නැවත ඇති කිරීමට අවස්ථාව නොදිය යුතු බවයි.
එහෙත් මුද්දර ගාස්තු ඉවත් කර ඒ වෙනුවෙන් දේපල මත පදනම්ව බදු අයකිරීම කිරීම සුදුසු නොවන බව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෘස් පවසන්නේ
මේ සදහා සොයාබැලීමට කමුටුවක් පත්කර ඇති අතර මුද්දර ගාස්තු අහෝසි කරමින් ඊට විකල්පයක් ලෙස දේපල බද්ධ හදුන්වාදීම කොතෙක් ප්‍රායෝගිකද යන්න සොයා බැලීමට නියමිතයි.