ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ අඟල් 03 ක වටපණුවෙක්

ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබේ.

මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය වියහැකි බව මාධ්‍ය වාර්තා කරයි.

එම කාන්තාවගේ හානියට පත්වී තිබු මොළයේ ඉදිරි කොටසේ ශල්‍ය කර්මයක් අතරතුරදී පටක අතර සිටියදී එම රතු පැහැති පණුවා හඳුනා ගැනුණි.

රක්ත වර්ණ එම පරපෝෂිතයා එම කාන්තාවගේ මොළයේ මාස දෙකක් පමණ කාලයක් සිටින්නට ඇතැයි අනුමාන කෙරේ.

වෛද්‍ය පර්යේෂකයින් පවසන්නේ සතුන්ගෙන් මිනිසාට රෝග බෝවීමට ඇති හැකියාව වැඩිවී ඇති බව මින් පෙනී යන බවයි.

එම කාන්තාවගේ ශල්‍යකර්මයට එක්වී සිටි වෛද්‍ය සංජය සේනානායක පැවසුවේ ශල්‍යාගාරයේ සිටි සියලුම දෙනා තමන් දුටු දෙයින් පුදුමයට පත්වූ බවයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »